Wednesday, February 1, 2012

අම්මලාට දුක් දුන් විදුහල්පතීන්ට වැඩ වරදීයි

පළමු ශේ‍්‍රණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී මවුපියන්ගෙන් නීති විරෝධි ලෙස අයකරගත් මුදල් වහාම ආපසු ගෙවන ලෙස බස්නාහිර පළාතේ පාසල් 63ක විදුහල්පතිවරුන්ට නියෝග කෙරුණා. එලෙස මුදල් අය කර ගත් අවස්ථා ගැන දුරකතනයෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන එම නියෝගය කෙරුණේ බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා විසින්. පැමිණිලි ඉදිරිපත් කරන්නැයි දුරකතන අංක දෙකක් වසර ආරම්භයේදී හඳුන්වාදුන්නා. එ්වාට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 170ක්. චෝදනාවට ලක්ව සිටින පාසල් 63 හි විදුහල්පතිවරුන් අද සිට දින 3ක් ඇතුළත විමර්ශන කමිටුවක් හමුවට කැඳවා ප‍්‍රශ්න කිරීමට නියමිතයි. 
මේ අතර පළමු ශේ‍්‍රණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී මවුපියන්ගෙන් අයකර ගත හැකි උපරිම මුදල රුපියල් දෙදහසක්. එ් පාසල් සංවර්ධන සමිතියේ සාමාජික ගාස්තු ලෙස මසකට රුපියල් 3 බැගින් වසරක ගාස්තුවත්, පහසුකම් හා සේවා ගාස්තුවත් වශයෙන් පමණයි. 

බබුවාට සයිබර් ප‍්‍රහාරයක්

බබාලාගේ ලෝකයේ නියෝජිතයා, එකම නියෝජිතයා ලෙස දවසින් දවස ජනප‍්‍රිය වුණා. ග‍්‍රාහකයන් සංඛ්‍යාව අද වඩා හෙට වැඩි වුණා. මේ ජනප‍්‍රියත්ව දරාගන්න බැරි වූවන් ද අන්ර්ජාලය සමග මිතුරු වී සිටින බව අපට රහසක් වුණේ නැහැ. ඒත් අප ද නොසිතූ මෙහොතක ඔවුන් විසින් සයිබර් ප‍්‍රහාරයක් දියත් කළා.
යනු ප‍්‍රාහාර ඉදිරියේ දණ නමන්නෙකු නොවෙයි. අපි යළි නැගිට්ටා. පෙනුම වෙනස් කරමින් වඩාත් ශක්තිමත්ව නැගී සිටියා. ඊයේ වගේම හෙටත් බබාලාගේ ලෝකයේ නියෝජිතය ලෙස අපි අන්තර්ජාලයේ සැරිසරනවා. 

Monday, January 23, 2012

අරුත් බර පියකරු නමක් ඔබේ බබාටත්


බබාට නමක් දැමීමෙදි සිතිය යුතු දෙ ගැන අප ඔබව දැනුවත් කලා මතක ඇති. 

 අද අපි ඔබෙ බබාටත් නමක් දැමීමෙදි ඔබට අදහසක් ගැනීමට නම් කිපයක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරිමට අදහස් කලා. 










වයස 15 ට අඩු ද ? ලාදුරු වලින් පරිස්සම් වෙන්න

වයස අවුරුදු 15 ට වඩා අඩු ළමයින් ලාදුරු රෝගයට ගොදුරු වීමේ ප‍්‍රවණාවයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මෙරට ලාදුරු රෝගින්ගෙන් 30% ක් ප‍්‍රතිකාර ලබා නොගන්නා බව අමාත්‍යංශයේ සිදුකළ අධ්‍යනයකින් හෙලි වුණා. ඖෂධ ලබා ගැනිම ප‍්‍රතික්ෂේප කිරීම නිසා රෝගය ව්‍යාප්ත වීමට ද බලපා තිබෙනවා. හඳුනාගන්නා ලද රෝගීන්ගෙන් 56% ක් ප‍්‍රතිකාර සඳහා යොමු වන්නේ රෝග ලක්‍ෂණ මතුවී මාස 06 කට පසුවයි. ඊට හේතු වී ඇත්තේ රෝගය සහ රෝග ලක්‍ෂණ පිළිබඳ ඇති දැනුම අවම වීම බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙනවා. එම නිසා ලාදුරු රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමටයි අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.

Wednesday, January 18, 2012

ඔබේ දරුවා පාසල් වෑන් රථයකට දෑමිමේදි මේ ගෑනත් සලකිලිමත් වෙන්න.

ගල්කිස්ස පොදු සුසාන භූමිය ඉදිරිපිට අද උදෑසන පාසල් ළමයින් ප්‍රවාහනය කළ වෑන් රථයක් සහ බස් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරෙන් සිසු සිසුවියන් 8 දෙනෙකු තුවාල ලැබුවා.


Monday, January 16, 2012

කොලවරි බබු වර්ෂන්

වයි දිස් කොලවරි ඩී කියන ගීතය දැන් ලෝකෙම ජනප‍්‍රියයි.  මේ ගීතයේ පද ටික ලියල තියෙන්නේ විනාඩි 20න්. තනුව දාන්න ගිහිං තියෙන්නේ විනාඩි 5 යි ලු........ ඊට පස්සේ ඒ තනුවට වෙනත් පද අමුණලා තව තවත් ගීත නිර්මාණ වුණා. විවිධ වීඩියෝද නිර්මාණ වුණා. වැඩිහිටියන් විතරක් නෙමෙයි බබාලත් ඒවයේ කොටස් කරුවන් වෙලා. 

උදාහරණ ඕන ද ?



Sunday, January 15, 2012

ගොනාවගේ හැසිරිම

අන්දරේ ගේ පුංචි කලේ කතාවක්.








 කියවන්න
 

BABUWA Copyright © 2011 Designed by Ipietoon Blogger Template and web hosting