Wednesday, February 1, 2012

අම්මලාට දුක් දුන් විදුහල්පතීන්ට වැඩ වරදීයි

පළමු ශේ‍්‍රණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී මවුපියන්ගෙන් නීති විරෝධි ලෙස අයකරගත් මුදල් වහාම ආපසු ගෙවන ලෙස බස්නාහිර පළාතේ පාසල් 63ක විදුහල්පතිවරුන්ට නියෝග කෙරුණා. එලෙස මුදල් අය කර ගත් අවස්ථා ගැන දුරකතනයෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන එම නියෝගය කෙරුණේ බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා විසින්. පැමිණිලි ඉදිරිපත් කරන්නැයි දුරකතන අංක දෙකක් වසර ආරම්භයේදී හඳුන්වාදුන්නා. එ්වාට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 170ක්. චෝදනාවට ලක්ව සිටින පාසල් 63 හි විදුහල්පතිවරුන් අද සිට දින 3ක් ඇතුළත විමර්ශන කමිටුවක් හමුවට කැඳවා ප‍්‍රශ්න කිරීමට නියමිතයි. 
මේ අතර පළමු ශේ‍්‍රණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී මවුපියන්ගෙන් අයකර ගත හැකි උපරිම මුදල රුපියල් දෙදහසක්. එ් පාසල් සංවර්ධන සමිතියේ සාමාජික ගාස්තු ලෙස මසකට රුපියල් 3 බැගින් වසරක ගාස්තුවත්, පහසුකම් හා සේවා ගාස්තුවත් වශයෙන් පමණයි. 

1 comments:

lamariszahniser on March 4, 2022 at 11:08 AM said...

Casinos Near Me: Play at Local Casinos Near Me - Jackson
Jackson 용인 출장샵 Casino Resort 서산 출장샵 is the perfect destination for fun and entertainment. 바카라 사이트 추천 The closest casino to Jackson is at Harrah's Cherokee 화성 출장샵 Valley River in 속초 출장샵

Post a Comment

 

BABUWA Copyright © 2011 Designed by Ipietoon Blogger Template and web hosting