බබු කතා




ගොනාවගේ හැසිරිම


  අන්දරේ පුංචි සමයේ හරිම දගකාර කොල්ලෙක්. අන්දරේගේ අම්මා අන්දරේට හුගක් ආදරෙයි. කොල්ල දග කෙරුවම දඩුවම් නැහැ. අවවාද පමණයි. ඒත් අප්පච්චි හරි වසයි. අන්දරේගේ දගකාරකම්වලට නිතරම වේවැල් පාර දෙනවා. අන්දරේත් නිතරම කරන්නේ දගකාර වැඩ.

අන්දරේ පුංචි කාලේ අන්දරේගේ මමා කෙනෙකුගේ විවාහ උත්සවයක් තිබුණා. අන්දරේටයි   මව්පියන්ටයි උත්සවයට එන්න කියලා ආරාධනාවක් ලැබුණා. මගුල් දවෙසේ උදේ පිටත්වෙන්න කලින් අප්පච්චි අන්දරේට සැරවුණා.

"කොල්ලේ උඹ දඩබ්බර වැඩ කළොත් එහෙම හමගහනවා. මගුල් ගෙදර කියලා බලන්නේ නෑ තේරුණා ද ? 

ඒත් අම්මා පුතාව ළගට කැන්දගෙන මෙහෙම කිව්වා.

"පුතේ ඔයා මාමාලෑ ගෙදර ගියාම ගොනා වගේ ඉන්න. නැත්තම් තාත්තගෙන් කෝටු පාර වදීවි. තේරුණා ද ? "

"ඔව් ඔව් උඹට ඕන දෙයක් කලා බීලා ගොනා වගේ හිටපන්."

අප්පච්චිට ඒ හඩ ඇහිලා ඔහු ද උස් හඩින් කිව්වා.

"හොදයි අම්මේ මම ගොනා වගේ ඉන්නම්." අන්දරේ අම්මට පොරොන්දු  වුණා.

         පිරිස මඟුල් ගෙදර ගියා.රෑස්වෙලා හිටපු නෑදෑයෝ අන්දරේව දැකලා "පුතා" කියලා කතා කෙරුව.සමහරු ඔළුව අතගෑවා.අන්දරේගේ තාත්තා කොරල කෙනෙක් හින්දා ඔහු හිතවත් අයත් එක්ක රට ගැන තොරතුරු කථා කෙරුවා.අම්මා නෑදෑයෝ එක්ක සතුටු සාමීචියේ යෙදිලා.
   
    අන්දරේ බඩ පුරා කෑම කෑවා. රසකෑවිලි, කෙසෙල්ගෙඩි ආදියත් තිබුනා. ඒ අතරේ මතක් වුණා අම්මයි තත්තයි දුන්න  අවවාදය . "ගොනා වගේ හිටපන්" කියන එක. මේ ලබුණු අවස්ථාවෙන් හොඳ විහිළු වැඩක් කරන්න හිතාගත්තු අන්දරේ අං දෙකක් වගේ හදා ගත්තා.
  
   ගොනෙක් හඬ නගනවා වගේ හඬ නැගුවා. අසල සිටි දෙතුන් දෙනෙකුට ඔළුවෙන්  න්නා.බිම වැටුණු අය කෑගැසුවා.

  මඟුල් ගෙදර අය කලබලවෙලා මොකක්ද මේ කාලගෝට්ටිය කියල බැලුවා. අන්දරේ තප්පුලමින් ඒ මේ අත දිව්වා. අහකට නොවුන අයට ඔළුවෙන් අන්නා.
  
   "මේ කොල්ලට පිස්සුද ?" ඇතැම් අය  සුවා. මෙය දුටු අන්දරේගේ තත්තට හොඳටමෙ තරහා ගියා. අන්දරේගේ කන මිරිකලා පහරවල් කිපයක්  ගැහුවා.


   අන්දරේ අඬ අඬා අම්මා සිටින දිහවට දුවගෙන ගියා. "මොකක්ද පුතේ මේ කල විකාරය" අම්මා  සැරෙන් ඈහුවා. "ඉතින් අම්මානේ කිව්වෙ මාමලගේ මඟුල් ගෙදර අවාම ගොනා වගේ  ඉන්න කියල.එකනේ මම ගොන වගේ උන්නේ. ඉතින් අප්පච්චිත් කිව්වනේ එහෙම හිටපන් කියලා."  


    "දැන් ඉතින් මට ගහන්නෙ ඇයි?." අන්දරේ ඉකිගසමින් අඬන්න ගත්තා. අසල සිටි අය හිනවෙන්න ගත්තා. "හා උඹ නාඩා ඉඳින්. ආයේ මේ වගේ වැඩ කරන්නෙ එහෙම නෑ තේරුණාද?" අම්මා අන්දරේට ආදරෙන් කිව්වා.


   ඒත් අප්පච්චි දන්නවා අන්දරේ කපටි සුරයා බව. මේ දඩබ්බර කම කළේත්  ගැලවෙන්න උත්තරයක් තියෙන බවෙ දැනගෙන.

  "ඉතින් ඔය කොල්ලගෙ නොතෙරෙන කමටනෙ එහෙමකලේ සමාවෙ දෙන්න." අනිත් නෑදෑයො කිව්ව. "දෙමපියො කිව්ව විදියටනෙ කොල්ල හැසිරුනෙ ." අන්දරේ මොඩ කොල්ලෙක් කියල හිතල වයසක අච්චි කෙනෙක් කිව්ව.


"හොදයි පුතේ මම උඹව බේරලා අරිනවා, අනික් අය කියන නිසා. නැත්නම් මම උඹව දඬුකඳේ ගහල කුසගින්නෙ තියනවා. පුතා කියල බන්නෙ නැහැ තේරුනද?"

   "අනික උඹ මෙ වැඩේ කෙරුවේ මොඩකමට නෙමේ කියල මම දන්නව අහුණද උඹට" අප්පච්චි කොපයෙන් කියවගෙන ගියා.

  අන්දරේ බිම බලාගෙන හිමින් හිනවෙවි හිටියා. මේ කථව අන්දරේ පුංචි සන්දියේ කල එක දඩබ්බර වැඩක්. 
 

BABUWA Copyright © 2011 Designed by Ipietoon Blogger Template and web hosting