Monday, January 23, 2012

වයස 15 ට අඩු ද ? ලාදුරු වලින් පරිස්සම් වෙන්න

වයස අවුරුදු 15 ට වඩා අඩු ළමයින් ලාදුරු රෝගයට ගොදුරු වීමේ ප‍්‍රවණාවයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මෙරට ලාදුරු රෝගින්ගෙන් 30% ක් ප‍්‍රතිකාර ලබා නොගන්නා බව අමාත්‍යංශයේ සිදුකළ අධ්‍යනයකින් හෙලි වුණා. ඖෂධ ලබා ගැනිම ප‍්‍රතික්ෂේප කිරීම නිසා රෝගය ව්‍යාප්ත වීමට ද බලපා තිබෙනවා. හඳුනාගන්නා ලද රෝගීන්ගෙන් 56% ක් ප‍්‍රතිකාර සඳහා යොමු වන්නේ රෝග ලක්‍ෂණ මතුවී මාස 06 කට පසුවයි. ඊට හේතු වී ඇත්තේ රෝගය සහ රෝග ලක්‍ෂණ පිළිබඳ ඇති දැනුම අවම වීම බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙනවා. එම නිසා ලාදුරු රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමටයි අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.

0 comments:

Post a Comment

 

BABUWA Copyright © 2011 Designed by Ipietoon Blogger Template and web hosting