කලලාවාරික පටලය නිසි කලට පෙර කැඩී යාම (Premature rupture of membranes) මෙහිදී ගර්භනී මවකගේ යෝනි මාර්ගය තුළින් වතුර වැනි දියරයක් ස්‍රාවය වීම සිදුවේ. නමුත් සාමාන්‍ය ප්‍රසූතියකදී ඇතිවන ප්‍රසූති ිවේදනාව මේ සමග ඇති නොවේ. විශේෂයෙන්ම මෙම තත්වය දිලීර ආසාදනයකදී ඇතිවන යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිටවීම, යෝනි මාර්ගය තුළින් රැධිර වහනය හා ඉබේ සිදුවන මුත්‍රා පිටවීම වැනි තත්වයන්ගෙන් වෙන් කර හදුනාගත යුතු වේ. මෙම තත්වය වෛද්‍ය වරයකු විසින් යෝනි මාර්ගය පරීක්ෂා කර බැලීමෙන් සහ මවගෙන් අදාල දත්ත ලබා ගැනීම තුළින් තහවුරැ කර ගත හැක. බොහෝ විට වෙනත් පරීක්ෂණ අවශ්‍ය නොවේ. ගර්භනී තාන්තාවන්ගෙන් සියයට දහයක වැනි ප්‍රමාණයකට මෙම තත්වය ඇතිවිය හැක. මවගේ ලිංගාශ්‍රිත ආසාදන, නිවුන් දරැ උපතකදී සිදුවන ගර්භාෂය තුළ පීඩනය ඉහල යාම, යෝනි මාර්ගයේ අක්‍රමිකතා ( ) හා දුම් පානය වැනි හේතු මෙයට බලපෑ හැකි අතර, ඇතැම් විටෙක නිශ්දිත හේතුවක් නොමැතිව වුවද මෙම තත්වය ඇතිවීමට ඉඩ ඇත. මෙහිදී සිදුවන ප්‍රධාන සංකූලතා කීපයක් හදුනාගත හැක. මෙහිදී උණ , ශ්‍රාවයෙන් දුර්ගන්ධයක් හැමීම, මවගේ හා දරැවාගේ හෘද ස්පන්දන වේගවත් වීම සිදුවේ. 1. ප්‍රසූතියෙන් පසු අධික රැධිර වහනය 2. ප්‍රසූතියෙන් පසු මවට ආසාදන ඇති වීම 3. අඩු වයස් නොමේරැ දරැ උපත් ඇතිවීම 4. මළ දරැ උපත් ඇතිවීම 5. උපතෙන් පසු ළදරැවාට මොලේ උණ, නියුමෝනියාව වැනි ආසාදන රෝග ඇති වීම මෙම තත්වය සදහා රෝහල්ගතව ප්‍රතිකාර කිරීම සිදුවේ. මෙම ප්‍රතිකාර ක්‍රම ප්‍රධාන කරැණු 03 ක් මත තීරණය වේ. 1. ගර්භයට ඇති සති ගණන 2. ආසාදනයක ලක්ෂණ පෙන්නුම් කිරීම 3. දරැවාට බලපෑම් ඇති වීම - ආසාදනයක හෝ දරැවාට බලපෑමක ලක්ෂණ ඇතිනනම් වහාම සිසේරියන් සැත්කමක් මගින් දරැවා බිහි කරනු ලැබේ. - හදිසි තත්වයක් නොමැති නම් සාමාන්‍ය ප්‍රසූතියක් සදහා මව සූදානම් කෙරෙන අතර, මව රෝහල තුළ රදවාගෙන මව හා දරැවා පිළිබදව අවධානයෙන් පසුවේ. මෙහිදී මව විෂබීජ රහිත සනීපාරක්ෂක තුවායක් පැළදිය යුතු අතර, ප්‍රතීජීවක ඖෂධ දෙනු ලැබේ. ගර්භයට සති 34 – 37 අතර කාලයේදී - ආසාදනයක හෝ දරැවාට බලපෑමක ලක්ෂණ ඇත් නම් හදිසි සිසේරියන් සැත්කමකින් දරැවා බිහි කරයි. - හදිසි අවස්ථාවක් නැති නම් සති 37 වන තුරැ ගර්භය පවත්වා ගැනීමට උත්සාහ දරනු ලැබේ. මෙහිදී මව දිගටම රෝහල් ගතව සිටිය යුතු අතර, මව හා දරැවා පිළිබද අවධානයෙන් පසුවේ. ඒ අතරතුර හදිසියේ ආසාදනයක හෝ දරැවාට බලපෑමක ලකුණු ඇති වුවහොත් සිසේරියන් සැක්කමකින් දරැවා බිහි කරයි. ගර්භයට සති 34 ට වඩා අඩු අවස්ථාවක මෙහි ප්‍රධාන ගැටඵව සති 34 ට අඩු දරැවාගේ පෙනහඵ හොදින් මෝරා නොමැති කමය. ඒබැවින් මව වහාම විශේෂිත ළදරැ කාමර පහසුකම් ඇති රෝහලකට ඇතුළත් කිරීම සිදු කළ යුතුය. - ආසාදනයක හෝ දරැවාට බලපෑමක ලක්ෂණ ඇති නම් හදිසි සිසේරියන් සැත්කමකින් දරැවා බිහිකර විශේෂිත ළදරැ කාමරයට බාර දීම සිදු කෙරේ. - හදිසි තත්වයක් නොමැති නම් අවම වශයෙන් සති 34 වන තුරැ හෝ ගර්භය පවත්වා ගැනීමට උත්සාහ දරනු ලැබේ. මෙහිදී මව රෝහල් ගතව පසුවිය යුතු අතර, නිරන්තරයෙන් මව හා දරැවා පිළිබද අවධානයෙන් පසුවේ. මව සදහා ප්‍රතිජීවක ඖෂධ හා දරැවාගේ පෙනහඵ වර්ධනයට අවශ්‍ය ඖෂධ ලබා දෙනු ලැබේ. හදිසි අවස්ථාවක් ඇති වුවහොත් සිසේරියන් සැත්කමක් මගින් දරැවා බිහිකර විශේෂිත ළදරැ කාමරයට ඇතුළත් කළ යුතු වේ. මෙම තත්වයට මුහුණ දුන් මවකගේ ඊලග දරැ ප්‍රසූතියේදී යෝනි මාර්ගයේ අසාමාන්‍යතා ( ) පිළියම් යෙදීම ( ) වැදගත්ය. සීසර් සැත්කමකදී නිර්වින්දන කිරීම අත්‍යවශයය. එය ක්‍රම දෙකකින් සිදු කළ හැක. 1 වන ක්‍රමය - උදරයන් පහළ නිර්වින්දන කිරීම 2 වන කක්‍රමය - සිහි විසඥ කිරීම උදරයෙන් පහළ නිර්වින්දන කිරීම
මෙය ලොව පුරා සිදුවන සාමාන්‍ය ක්‍රමයයි. සෑම කාර්යයකම ප්‍රතිවිපාක ඇතුවා මෙන්ම නිර්වින්දන ක්‍රම වලද ප්‍රතිවිපාක ඇත. නමුත් මේවා කලාතුරකින් සිදුවන අතර, බෙහෝ විට විනාඩි හෝ පැය කිහිපයකට සීමා වේ. හිරි වැට්ටවීමේදී ඔබගේ සහාය කාර්ය මණ්ඩලයට ඉතා වටී. ඔවුන්ගේ උපදෙස් ඔබට පිළිපැදීමට සිදුවේ. එය ඔබගේ මෙන්ම කාර්ය මණ්ඩලයේ ද පහසුවට හේතුවේ. මුලින්ම ඔබට වාඩි වීමට සලස්වයි. කොන්ද ප්‍රදේශයේ සම හිරිවැට්ටවීමෙන් පසු නිර්වින්දන බෙහෙත් ද්‍රව්‍ය නික්ෂේපනය කරනු ලබයි. ඉන්පසු උදයෙන් මහළ ප්‍රදේශය නිර්වින්දන වෙයි. මෙහිදී
මෙමගින් ශල්‍යකර්මයෙන් පසුවද පැය කිහිපයක්ම වේදනාව නොමැතිව ඔබව පහසුවෙන් තබන අතර, දරැවාට උපන් අවස්ථාවේ සිටම මව්කිරි දීමේ හැකියාව ද ඇත. මෙම ක්‍රමය සම්පූර්ණ සිහි විසඥ කිරීමට වඩා ආරක්ෂාකාරී බව ලොව පිළිගත් සිද්ධාන්තයකි. නමුත් අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඔබව සම්පූර්ණ සිහි නැති කිරීමට ලක් කිරීමට කාර්යය මණ්ඩලය සූදානම්ය. ගර්භනී සමයේ ඇතිවන අධි රුධිර පීඩනය (PIH) පළමුව අප රැධිර පීඩනය මැනීම පිළිබද අවබෝධයක් ලබා ගතග යුතුය. රැධිර පීඩනය මැනීමේදී ප්‍රධාන මිනුම් 2 ක් ලබා ගැනේ. එනම්, මෙම මිනුම ලබා ගැනෙන්නේ හෘදය සංකෝචනය වීමේදීය. එය සාමාන්‍ය පුද්ගලයකුගේ රසදිය මිලි මීටර් ( ) 9-130 පමණ අගයක පවතී. 2. වින්‍යස්ථ පීඩනය ( ) හෘදය ඉහිල් වීමේදී මෙම පීඩනය ලබා ගැනේ. එය රසදිය මිලි මීටර් 60-80 පමණ අගයක පැවතිය හැක. මෙම පීඩන 2 හි එකතුවක් ලෙස 120/ 80 ලෙස රැධිර පීඩනය දැක්වේ. සාමාන්‍යයෙන් ගර්භනී සමයේදී සිදුවනුයේ කුමක්ද? මවගේ සිරැරේ හා වැදෑමහ මගින් නිපදවෙන විවිධ හොමෝන වර්ග හා රසායන ද්‍රව්‍ය හේතුවෙන් ගැබිණි මවකගේ රැධිර පීඩනය පහත බසී. සති 14-20 අතර කාලයේදී මෙය අවම අගයක් ගනී. දරැ උපත ආසන්න වත්ම මෙම අගය ක්‍රමයෙන් වැඩිවීම සාමාන්‍ය අගයට එනම් ,ගැබ් ගැනීමට ප්‍රථමව පැවති අගයට පත්වේ. ගර්භනී සමයේ ඇති වන රැධිර පීඩනය පිළිබද ඉතාමත් හොද අවබෝධයක් තිබිය යුතුය. ඊට හේතු වන්නේ මෙම තත්වයන් මගින් මව හා කුස තුළ සිටින දරැවාට ජීවිත තර්තජනයක් ඇතිවිය හැකි බැවිනි. ගැබිණි සමයේ ඇතිවන රැධිර පීඩනය ( ) යනු කුමක්ද?
පැය 4 ක් හෝ ඊට වැඩි කාලයක් ඇතුළත, අවම වශයෙන් අවස්ථා 2කදී හෝ රැධිර පීඩනය මනිනු ලැබූ විට එය රස දිය මිලි මීටර 140/90 ට වැඩිවී තිබීම හෝ මෙවැනිම අවස්ථා 2කදී වින්‍යස්ථ පීඩනය 90 වැඩිවී තිබීම මෙම රැධිර පීඩනයෙහි විශේෂිත එමෙන්ම අනතුරැදායක අවස්ථා 2 ක් පවතී. ඒවා නම්, 1. (ප්‍රිඑක්ල්ම්ප්සියාව) 2. (එක්ලැම්ප්සියාව/ගැබ් වලිප්පුව) ප්‍රිඑක්ලැම්ප්සියාව ගැබිණි සමයට ප්‍රථමව සාමාන්‍ය රැධිර පීඩනයක් පැවැති කාන්තාවක් තුළ, ඉහත දැක්වූ ලෙස වින්‍යස්ථ රැධිර පීඩනය වැඩි වීමත්, ඒ සමගම මුත්‍රා සමග සැලකිය යුතු ප්‍රෝටීන ප්‍රමාණයක් පිටවීම ( ) මේ නමින් හැදින්වේ. මෙහි රෝග ලක්ෂණ මොනවාද? බොහෝ විට රෝග ලක්ෂණ රහිතය.
උදා - බොදවී පෙනීම, දෙගුණවී පෙනීම ( )
(නමුත් මෙය සමහර අවස්ථාවලදී සාමාන්‍ය ගැබිණි මවගේ ද දැකිය හැකි ලක්ෂණයකි.) ඔබට අධික රැධිර පීඩනය ඇති බවට නිර්ණය කරනු ලැබ ඇත්නම්, ඉහත රෝග ලක්ෂණ කිසිවක් ඇති වුවහොත් වහාම ලගම ඇති රෝහලකට යා යුතුය. එක්ලැම්ප්සියාව ඉහත දැක්වූ ප්‍රිඑක්ලැම්ප්සියා තත්වයත් සමගම වලිප්පුව තත්වයක් ඇතිවීම මේ නමින් හැදින්වේ. මෙම තත්වයට හේතු මොනවාද? ප්‍රිඑක්ලැම්ප්සියා තත්වයට මූලික හේතු 2 කි. එනම්, 1. රැධිර වාහිනී /නාලයන්ගේ බිත්ති ඇතුලතින් පවතින සෛලවල අසාමාන්‍යතා හා 2. රැධිර පට්ටිකා වල අසාමාන්‍යතා වේ. සාමාන්‍යයෙන් ගැබිණි අවදියේදී ඉහතින් විස්තර කරන ලද ආකාරයට රැධිර පීඩනය අඩුවේ. එය සිදුවනුයේ රැධිර වාහිනී බිත්ති වල පවතින සෛල මෙම අවදියේදී ඇතිවන රසායනික ද්‍රව්‍ය (හෝමෝන ඇතුඵ) සංවේදී වීමෙනි. ප්‍රිඑක්ලැම්ප්සියා තත්වයේදී මෙම සංවේදී බව අඩු වීම රැධිර පීඩනය ඉහළ යාමට මූලික හේතුව වේ. ප්‍රිඑක්ලැම්ප්සියා තත්වය මූලික අවයව 3කට බලපායි. ඒවා නම් 1. වකුගඩු 2. අක්මාව 3. මොළය මෙම බලපෑම් පිළිබිදව කොටියෙන් සලකා බලමු. වකුගඩු රැධිර වාහිනීවල අසාමාන්‍යතා හා පට්ටිකා සෛල එක්වීමෙනක් වෘක්තානු (වකුගඩු සෑදී පවතින කුඩා ඒකකයන්)වලට හානි පැමිණේ. එමගින් මුත්‍රා සමග ප්‍රෝටීන පිටවීම, මුත්‍රා ප්‍රමාණය අඩු වීම ( ) ආදිය ඇතිවේ. | |||
අරුත් බර පියකරු නමක් ඔබේ බබාටත් |
බබාට නමක් දැමීමෙදි සිතිය යුතු දෙ ගැන අප ඔබව දැනුවත් කලා මතක ඇති.
අද අපි ඔබෙ බබාටත් නමක් දැමීමෙදි ඔබට අදහසක් ගැනීමට නම් කිපයක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරිමට අදහස් කලා.
මෙ එවායි.
උපුටා ගැනිම http://www.lanka.info/horescope/babyNamesExamples.html |
ඔබේ දරුවා පාසල් වෑන් රථයකට දෑමිමේදි මේ ගෑනත් සලකිලිමත් වෙන්න.
ගල්කිස්ස පොදු සුසාන භූමිය ඉදිරිපිට අද උදෑසන පාසල් ළමයින් ප්‍රවාහනය කළ වෑන් රථයක් සහ බස් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරෙන් සිසු සිසුවියන් 8 දෙනෙකු තුවාල ලැබුවා.ඔවුන් ප්‍රතිකාර සදහා ඇතුලත් කෙරුණේ කළබෝවිල ශික්ෂණ රෝහලටයි. වෑන් රථයේ රියදුරාගේ නොසැලකිල්ල අනතුරට හේතුව බව පොලිසිය පවසනවා. එලෙස නොසැලකිලිමත්ව රිය පදවන රියදුරන් සිටින වෑන් රථවලට දරුවන් බාර නොදෙන ලෙසයි පොලිසිය මව්පියන්ට උපදෙස් දෙන්නේ.රියදුරගේ රිය පැදවිම කෙබදුදැයි හෑකි සෑම විටම දරුවගෙන් අහන්න. දරුවන් ගෙනියන වෑන් රථයේ තත්වය ගැනත් එය ජාතික ළමා රක්ශණ අධ්කාරියේ ලියාපදින්චිද යන වගත් අනිවාර්යෙන්ම සොය බලන්න.
බබාව පාසල් යවන්න ලෑස්ති ද ?
රජයේ පාසල්වල පළමු ශේර්ණියට ළමුන් ඇතුළත් කර ගැනීම ලබන 16 වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අදාළ චක‍්‍රලේඛය දැනටමත් නිකුත් කර අවසන් බවයි අමාත්‍යංශය පවසන්නේ. ඇතුළත් කර ගන්නා සිසුන්ගේ නාමලේඛනය ඊට පෙර ප‍්‍රසිද්ධ කෙරෙනු ඇති.
ඔබේ ළමයව පාසල් යවන්න ලෑස්ති වියු යුත්තේ කෙසේ ද ? ඒ ගැන අපි හෙට කියන්නම්
හොඳ නමෙක ගුණාංග
බබාට නමක් දෑමීමේදි මේ ගෑනත් සිතන්න.
• අන් අය ගේ සිත් අදනා සුලූ බව
• මිහිරියාව
• අරුත්බර බව
• ඉසිරුවීමේ (උච්චාරණයේ)පහසුව
• වාසගමට අනුරූප වීම
• දිගාසිරි, දියුණුව, ජනප‍්‍රිය බව තහවුරු වන සේ සුබ ගණ පදනම් කොට තනා තිබීම
• උපන් නැකැතට අනුව නමෙහි පළමු අකුර තෝරාගෙන තිබීම
පශ්චාත් ප්‍රසව රුධිර වහනය ( PPH )
දරු ප්‍රසූතියත් සමග වැදෑමහ ගර්භාෂයෙන් වෙන්වීම සිදුවේ. මේ නිසා සෑම මවකටම ප්‍රසූතිය සිදුවූ වහාම සාමාන්‍ය රැධිර වහනයක් සිදුවේ. සාමාන්‍ය දරු ප්‍රසූතියකදී සිදුවන රැධිර වහනයට වඩා වැඩි ප්‍රමාණයක් සිසේරියන් සැත්කමකට ලක්වන මවකගෙන් සිදුවේ. ගර්භණී අවදියේදී මවගේ රැධිර ප්‍රමාණය සාමාන්‍යයෙන් සියයට 50කින් පමණ වැඩිවන නිසා මෙසේ සිදුවන රැධිර වහනයට ඔරොත්තු දීමට මවගේ ශරීරය සූදානම් වී පවතී.
සාමාන්‍යයෙන් දරු උපතකට පසු රුධිර වහනය සිදු වන්නේ වදෑමහ ගර්භාෂයට සවිවී තිබූ ස්ථානයේ විවර වූ රැධිර නාලිකා වලිනි. මීට අමතරව කැපුමක් සිදු කළ විට එයින් ද රැධිර වහනයක් සිදුවේ. වැදෑ මහ ගැලවී යාමෙන් පසු ගර්භාෂය සංකෝචනය වීම ආරම්භ වේ. මෙසේ සංකෝචනය වීමෙන් විවෘතවූ රැධිර නාල හැකිලී රැධිර වහනය නතර වේ.
නමුත් 6 % පමණ මව්වරැන්ට ප්‍රසූතියෙන් පසු අධික ලෙස රැධිර වහනය සිදු විය හැක. මෙය පශ්චාත් ප්‍රශව රුධිර වහනය ලෙස හැදින්වෙන අතර, ප්‍රතිකාර අවශ්‍ය තත්වයක් වේ.මෙය ප්‍රසූතිය සිදුවී පැය 24 ක් ඇතුළත සිදුවේ නම් ප්‍රාථමික රුධිර වහනය ලෙස ද දින කිහිපයකට හෝ සති ගණනකට පසු සිදුවන රුධිර වහනය ද්විතියික රුධිර වහනය ලෙස ද හැදින්වේ.
වෙනත් හේතු
- ගැබ් ගෙල ඉරී යාම
- යෝනි මාර්ගයේ ගැඹුරු ඉරී යාම්
- ගර්භාෂය ඉරී යාම
- රුධිරය කැටි ගැසීම පමා වීමේ රෝග තත්වයන් - මෙය උපතින්ම රුධිරය කැටි ගැසීම පමා වීමේ රෝගයක් නිසා හෝ ප්‍රසූතියේදී ඇතිවන සංකූලතා නිසා විය හැක.
උදාහරණ : -
1. අධිරුධිර පීඩනය නිසා ඇතිවන තත්වය
2. ප්‍රසූතියට පෙර වැදෑ මහ ගර්භාෂයෙන් වෙන්වීමේ තත්වය
ප්‍රතිකාර
ගර්භාෂය සංකෝචනය නිසි පරිදි සිදු නොවීම බොහෝ විට අධික රුධිර වහනයට හේතු වන නිසා මුලින්ම ගර්භාෂය සම්භාහනය කිරීම සිදු කරයි. මේ අතරතුර හෝමෝන ශිරා ගත කෙරේ. මුත්‍රාශය පිරී තිබීම ගර්භාෂය සංකෝචනයට බාධාවක් නිසා මුතා බට මගින් මුත්‍රාශය හිස් කරනු ලැබේ. වැදෑමහ සම්පූර්ණයෙන් පිට නොවූ විට ද රැධිර වහනය සිදුවිය හැකි නිසා වැදෑමහ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සිදු කෙරේ.
මේ මූලික ප්‍රතිකාරවලට පසුවත් දිගටම රුධිර වහනය අධික ලෙස සිදුවේ නම් මව ශල්‍යාගාරයට ගෙන පරීක්ෂා කිරීම සිදුවේ. යෝනි මාර්ගයේ ඉරී යාම්, ගර්භාෂයේ වැදෑමහ කොටස් ඉතිරිවී තිබීම මෙහිදී හදුනාගෙන ප්‍රතිකාර කෙරේ. සමහර අවස්ථාවල එම ඉතිරි වැදෑමහ කොටස් උපකරණ යොදා ඉවත් කෙරේ
රුධිර වහනයේ ප්‍රමාණය අනුව පිටතින් රුධිර පාරවිලයනය කිරීම අවශ්‍ය වේ.
ඉතාමත් කලාතුරකින් රුධිර වහනය පාලනය කිරීම අපහසු වේ නම් සැත්කමක් මගින් ගර්භාෂය ඉවත් කිරීම සිදු කළ යුතුවේ.
අධික ලෙස රුධිර වහනය නිසා රැධිර පීඩනය පහත වැටෙන අතර, රැධිරයේ හිමොග්ලොබින් අගය ද පහත වැටේ. හදිසි අවස්ථාවේ කෙරෙන ප්‍රතිකාර වලින් පසු විවේකය, පෝෂ්‍ය ජනක ආහාර මගින් මේ තත්වය මගහරවා ගත හැක. එසේම අමතර ඖෂධ ලෙස යකඩ ලබා දීම සිදු කළ හැක.
පශ්චාත් ප්‍රශව රැධිර වහනය, ප්‍රසූතිය නිසා සිදුවන මව්වරුන්ගේ මරණ ප්‍රතිශතය වැඩිවීමට හේතුවන ප්‍රධාන කරුණක් වේ. සෞඛ්‍ය පහසුකම් නොදියුණු අවදියේ මව්වරැන්ගේ මරණ ඉහළ අගයක් ගැනීමට මෙය හේතුවූ අතර, වර්තමානයේ ප්‍රසූතිය රෝහල්වල පුහුණු සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු වීම නිසා මෙම මරණ අනුපාතය ඉතාම පහළ අගයක් ගනී.
Pre Term Labour
(අඩු මාසයෙන් සිදුවන දරු උපත්)
ගර්භනී කාලය සති 28 – 37 අතර කාලයේ සිදුවන දරු උපත් අඩු කාලයෙන් සිදුවන දරු උපත් ලෙස සැලකේ. සාමාන්‍යයෙන් මුඵ දරු උපත් ගණනින් සියයට 6 – 12 අතර ප්‍රමාණයක් අඩු කාලයෙන් සිදුවන දරු උපත් ගණයට වැටේ. ළදරු අවදියේ ඇතිවන ස්නායුගත ආබාධ හා ළදරු මරණ ඇතිවීමට මෙලෙස අඩු කාලයෙන් සිදුවන දරු උපත් හේතුවේ.
බොහෝ විට අඩු කාලයෙන් දරු උපතක් සිදුවන්නේ ප්‍රසූතිය ආරම්භ වීමට පෙර කලල පටල බිදී යාමෙන් පසුවයි.
- නිවුන් සහ බහු කලල ගර්භනී තත්වයේදී ආසාදන
- සාමාන්‍ය ප්‍රමාණයට වඩා කලලාවරිත තරලය තිබීම
- ගැබ් ගෙලෙහි දරා ගැනීමේ හැකියාව අඩු වීම
- සමාජ - ආර්ථික සාධක ද මේ සදහා බලපෑමක් ඇති කරයි.
සමාජ ආර්ථික සාධක
- අඩු සමාජ - ආර්ථික පන්තියේ මව්වරු
- මවගේ වයස ඉතා අඩු හෝ ඉතා වැඩි වීම
- අවිවාහක මව්වරු
- ගර්භනී අවදියට පෙර අඩු බර සහිත මව්වරු
- දුම්පානය කරන හෝ වෙනත් මත් ද්‍රව්‍ය වලට අබ්බැහිවූ මව්වරු අතර අඩු මාසයෙන් වන දරු උපත් සදහා ඇති ප්‍රවණතාවය සාමාන්‍ය මව්වරුන්ට වඩා ඉහළ අගයක් ගනී.
මෙවැනි දරු ප්‍රසූතියක් හදුනා ගන්නේ කෙසේද?
ගර්භනී කාලය සති 28 හා 37 අතර කාලයේදී ඔබට ප්‍රසූත වේදනා ඇති වුවහොත් හෝ යෝනි මාර්ගයේ ශ්‍රාවයක් පිටවීමක් ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි.
මෙහිදී මුලින්ම ඔබේ දින ගණනය කිරීම නිවැරදි දැයි සොයා බැලිය යුතු අතර, ඔබ ප්‍රසූත අවස්ථාවේ පසු වන්නේ දැයි නිවැරදිව විනිශ්චය කළ යුතුය.දින නිවැරදි නම් සහ මව ප්‍රසූතියේ පසුවේ නම් ප්‍රතිකාර ක්‍රම විවිධ වේ.
හැකි ඉක්මනින් ප්‍රසූතිය සිදු කළ යුතු අවස්ථා
- කලලාවරිත තරල ආසාදනය
මෙහිදී, මවගේ ශරීර උෂ්ණත්වය ඉහළයාම, මවගේ හෘද ස්පන්දනය ඉහළ යාම, ස්පන්දනය ඉහළ යාම, ගර්භාෂයේ අධික වේදනාව,
දුර්ඝන්ධ යෝනි ශ්‍රාවයක් ඇති වීම වැනි ලක්ෂන දැකගත හැකිය.
මෙයින් දරුවාට මෙන්ම මවටද සංකූලතා ඇතිවිය හැකි නිසා හැකි වහාම ප්‍රසූතිය සිදු කළ යුතුය.
- වැදෑ මහ ගර්භාෂයෙන් වෙන් වීම
රුධිර වහනයක් ඇති විට මේ පිළිබදව සැලකිලිමත් විය යුතුය. මවගේ හා දරුවාගේ තත්වය හා වැදෑමහ වෙන් වීමේ ප්‍රමාණය මත මෙහිදී ප්‍රසූතිය වහාම සිදු කරන්නේ ද යන්න තීරණය කරනු ලැබේ.
අනෙක් අවස්ථාවලදී ප්‍රති ජීවක ඖෂධ හා දරැවාගේ පෙණහඵ වැඩීමට අවශ්‍ය ප්‍රතිකාරලබා දීම සිදු කෙරේ.
********************
ගර්භනී සමයේ ඇතිවන දියවැඩියාව (GDM)
කුමක් ද ?
ගර්භනී කාන්තාවන් මුහුණ දෙන සෞඛ්‍ය ගැටඵ අතර ගර්භනී සමයේ ඇතිවන දියවැඩියාව සුලභ රෝගී තත්වයකි. මෙහිදී සිදුවන්නේ නීරෝගී කාන්තාවක් ගර්භනී භාවය පත් වීමෙන් පසු ඇගේ රුධිර සීනි මට්ටම ඉහළ යාම නිසා දියවැඩියා තත්වයක් ඇතිවීමයි. තරබාරු කාන්තාවන්, පෙර වතාවකදී ගර්භනී සමයේ දියවැඩියාවට ලක්වූ කාන්තාවන් හා දියවැඩියා රෝගය සම්බන්ධ පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවන් අතර මේ අවදානම වැඩිපුර දැකිය හැක.
ඇතිවන්නේ කසේ ද ?
සාමාන්‍යයෙන් අප ගන්නා ආහාර වලින් ශරීරය තුළදී නිපදවෙන ග්ලූකෝස් අග්න්‍යාශය මගින් නිපදවන ඉන්සියුලින් නම් හෝමෝනය මගින් සෛලවලට ඇතුල් කර ශරීරයට ප්‍රයෝජනයට ගත හැකි තත්වයට පත් කරයි. රැධිර ග්ලූකෝස් මට්ටම නියතව තබා ගන්නේ මෙම ක්‍රියාවලිය මගිනි. ගර්භනී සමයේ ශරීරයේ වැඩිවන අනෙකුත් හෝමෝන වර්ග ඉන්සියුලින් වල ක්‍රියාකාරිත්වය අඩු කරයි. එවිට අග්න්‍යාශයට වැඩි වැඩියෙන් ඉන්සියුලින් නිපදවීමට සිදුවන අතර ඇතැම් කාන්තාවන්ගේ ශරීර මෙම තත්වයට හැඩ නොගැසීමෙන් රැධිර ග්ලූකෝස් මට්ටම දිගින් දිගටම ඉහළ යාම සිදුවේ. ගර්භනී සමයේ දියවැඩියාවට හේතු වන්නේ මෙම ක්‍රියාවලියයි.
සංකූලතා
අධික පිපාසය, නිතරම කුසගිනි වීම, අසාමාන්‍ය මහන්සි ගතිය හා නිතර මුත්‍රා පහ කිරීමට අවශ්‍ය වීම වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැක. නමුත් මේවා දියවැඩියා රෝගයට පමණක් ආවේණික ලක්ෂණ නොවන බැවින් රෝගය සොයා ගැනීම අපහසු විය හැක.
ගර්භනී සමය තුළ නිතර මුත්‍රා ආසාදන,ලිංගික ආසාදන හා ස්වසන මාර්ගයේ ආසාදන ඇතිවීමේ අවස්ථාව වැඩි අතර එවාට වහා පිළියම් කිරීම වැදගත්ය.මවට වැඩිපුර වමනය යාම හා ගර්භ තරලය වැඩිවීම ද ඇතිවිය හැක.
ප්‍රසූතියෙන් පසු ආසාදන ඇතිවීමේ අවදානම ද මේ තත්වයේදී ඉහළ යයි. ඇතැම් විට මව්කිරි දීමේ ගැටඵද දැකිය හැකි වේ.
ආරක්ෂා වන්න
සෑම කාන්තාවක්ම ගර්භනී භාවයට පත්ව පළමුව වෛද්‍ය වරයකු හමුවීමේදී හෝ සායනයට යෑමේදී අනිවාර්ය රුධිර පරීක්ෂාවක් සිදු කරනු ලැබේ. එසේම එය සාමාන්‍ය වුවද සති 24-28 අතර සමයේදී නැවත රුධිර පරීක්ෂාව වැදගත් වේ. එසේම සායනය තුළදී මුත්‍රා වල සීනි ඇද්දැයි පරීක්ෂා කිරීම ද සිදු කරනු ලබයි.
මෙම පරීක්ෂණ වලින් රැධිර සීනි මට්ටම ඉහළ යාමක් පෙන්නුම් කරන විටදී දියවැඩියා රෝගය ඇත්දැයි තහවුරු කිරීමට තවත් පරීක්ෂණ සිදු කළ යුතුය. එහිදී සිදුවන්නේ රැධිර සීනි මට්ටම අවස්ථා කීපයකදී හරියටම මැන බැලීමයි.
ප්‍රතිකාර
ගර්භනී සමයේ දියවැඩියාව ඇති කාන්තාවකගේ ප්‍රතිකාර ක්‍රමය රෝගයේ උග්‍රභාවය හා මවගේ අනෙකුත් සෞඛ්‍ය ගැටඵ අනුව තීරණය වේ. කෙසේ වෙතත් මෙහිදී වැදගත් වන්නේ රුධිර සීනි මට්ටම දරුවා බිහිවන තුරු නියතව පාලනය කර තබා ගැනීමයි.
සෑම මවකගේම ආහාර පාලනය අතීශය වැදගත් වේ. සීනි රහිත, සමබල, පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගන්නා ආකාරය පිළිබද උපදෙස් ලබා ගතයුතු අතර මව ඒවා හොදින්ම පිළිපැදිය යුතුය. එසේම දිනකට විනාඩි 30 ක් හෙමින් ඇවිදීම වැනි සරල ව්‍යායාම වල යෙදීමටද මව උනන්දු කරනු ලැබේ.
ආහාර මගින් රෝගය පාලනය නොවේ නම් පමණක් ඉන්සියුලින් ප්‍රතිකාර ඇරඹීමට සිදුවේ. රෝහල් ගත කර ඉන්සියුලින් පටන් ගන්නා අතර රුධිර සීනි මට්ටම පාලනය වූ පසු නිවසේදී ඉන්සියුලින් ලබා ගැනීමට මවට පුරුදු කරනු ලැබේ. මෙය නියමිත වේලාවට නිසියාකාරව ලබා ගැනීමට මව වගබලා ගත යුතුය. ඇතැම් අවස්ථාවලදී පමණක් වෙනත් ඖෂධ වර්ග ද නිර්දේහශ කිරීමට සිදුවිය හැක.
දරුවා දගලන වාර ගණන පිළිබදව මව සෝදිසියෙන් සිටිය යුතු වන අතර එහි යම් අඩුවීමක් දැනේ නම් වහා වෛද්‍යවරයකු හමු විය යුතුය. එසේම සති 28 – 32 අතර කාලයේ ස්කෑන් පරීක්ෂාවකින් දරැවාගේ වර්ධනය සොයා බලන අතර අනතුරුව ද අවශ්‍ය පරිදි මව ස්කෑන් පරීක්ෂාවන්ට ලක් කරයි. රැධිර සීනි මට්ටම හා මවගේ අනෙකුත් ගැටඵ සලකා බලා බොහෝ විට සති 38 දී දරැවා බිහි කරන අතරල සාමාන්‍ය ප්‍රසූතියක් ද සිසේරියන් සැත්කමක්ද යන්න වෛද්‍ය වරයා විසින් තීරණය කරනු ලැබේ.
දරුවා ගැනත් හිතන්න
ගර්භනී සමයේ දියවැඩියා රෝගය නිසා මව හා දරුවා දෙදෙනාටම ගැටඵ ඇතිවිය හැක. බොහෝ විට ඇතිවන ප්‍රධාන ප්‍රශ්නය නම් දරුවා අධික බර ඇතිව විශාල ලෙස වැඩීමයි. මෙහිදී සිදුවන්නේ මවගේ රැධිර සීනි මට්ටම අධික වීමෙන් දරැවාගේ රැධිර සීනි මට්ටම ද වැඩිවීමයි. එවිට දරුවාගේ අග්න්‍යාශයෙන් ඉන්සියුලින් වැඩිපුර නිපදවීමට පටන් ගනී. මෙම වැඩිපුර සීනි හා ඉන්සියුලින් දෙවර්ගයේම බලපෑමෙන් දරුවා ප්‍රමාණයට වඩා විශාලව වැඩීමට පටන් ගනී.
මෙම විශාල දරුවන් සාමාන්‍ය ප්‍රසූතියකදී බිහි කිරීම අපහසු වන අතර ඇතැම් විට දරැවාගේ හිස බිහි වුවද උරහිස හිරවීම සිදු විය හැක. මෙහිදී දරැවාගේ අස්ථි බිදීම් හා ස්නායු ඇදීම් සිදුවිය හැකි අතර දරැවා බිහි කිරීමට විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුවේ. එසේම දරුවා විශාල බැවින් මවගේ යෝනි මාර්ගය ආශ්‍රිතව විශාල කැපුමක් යෙදීමට ද සිදුවේ. එබැවින් දරුවාගේ බර කලින් ස්කෑන් පරීක්ෂාවකින් තීරණය කර බොහෝ විට සිසේරියන් සැත්කමක් සිදු කරයි.
දරුවා බිහිවූ පසුවද ඉන්සියුලින් අධිකව තිබී සීනි මට්ටම අඩුවී යාමෙන් හෙවත් සීනි අඩුවීමට ලක්විය හැක. මෙය දරුවාගේ මොළයේ වර්ධනයට බලපායි. එබැවින් දරුවා උපත ලද වහාම සීනි පරීක්ෂාවක් සිදු කරන අතර මව්කිරි දීම හැකි ඉක්මනින් ආරම්භ කළ යුතුවේ. එසේම මෙම දරුවන් කහපාට වීම, කැල්සියම් අඩුවීම වැනි තත්වයන්ට ද ලක්විය හැක. තවද ගර්භනී භාවයේ මුල් අවදියේ සිටම සීනි මට්ටම අධිකව තිබිණි නම් දරැවාගේ හෘදයේ අක්‍රමිකතා හා ස්නායු ආබාධ ඇතිවීමේ අවදානමක් ද පවතී.
ප්‍රසූතියෙන් පසු
ගර්භනී සමයේ දියවැඩියාවට ලක්වූ කාන්තාවන්ගෙන් බහුතරයකට දරු ප්‍රසූතියෙන් පසු එම තත්වය මග හැරී යයි. සති 6කට පසු රැධිර පරීක්ෂාවක් මගින් මෙය තහවුරැ කර ගත හැකග
නමුත් ඊලග ප්‍රසූතියකදී හෝ පසු කාලීනව දියවැඩියාව ඇතිවීමට අවදානමක් ඇති බැවින් දිගටම වසරකට වරක් රුධිර සීනි පරීක්ෂා කරගැනීම, සමතුලිත ආහාර වේලක් ගැනීම හා ව්‍යායාම වල යෙදීම වැදගත් වේ.
එමෙන්ම මෙම දරුවන්ට ද දියවැඩියාව හා තරබාරු භාවය ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ක්‍රමවත් ආහාර රටාවකට හා ව්‍යායාම වලට දරුවා යොමු කිරීමට මව සැළකිලිමත් විය යුතුවේ.